ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍ර­යට නිද­හස් ලකුණු 2ක් එකතු කර­නවා - විභාග කොමසාරිස්

    මැයි 16, 2024

    මෙවර සාමාන්‍ය පෙළ විභා­ගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍ර­යට නිද­හස් ලකුණු දෙකක් එකතු කිරී­මට තීර­ණය කළ බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ(15) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව  පැවසීය.

    විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ බහු­වර්ණ පත්‍රයේ 9 වැනි හා 39 වැනි ප්‍රශ්න දෙක සඳහා මෙම ලකුණු දෙක එකතු කරන බවත් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අත්‍ය­වශ්‍ය ඉගැ­න්වී­ම්ව­ලට බාහි­රව ප්‍රශ්න අන්ත­ර්ගත බවට පසු­ගි­යදා සමාජ මාධ්‍යයේ ප්‍රචා­රය වීමත් සමඟ මෙම ප්‍රශ්න පත්‍රය ආන්දෝ­ල­න­යට තුඩු දුන් බවත් ඒ මහතා පැව­සු­වේය.පසු­ගිය 06 වැනිදා ආරම්භ කළ සාමාන්‍ය පෙළ විභා­ගය ඊයේ (15) අව­සන් වූ බවත් කිසිදු ප්‍රශ්න පත්‍ර­යක් අව­ලංගු නොකර විභා­ගය සාර්ථ­කව පැවැත්වූ බවත් ඒ මහතා පැව­සු­වේය.

    ඇතැම් අව­ස්ථා­ව­ලදී විභාග අක්‍ර­මි­කතා කිහි­ප­යක් වාර්තා වීම සිදු වූ බවත් එසේ අක්‍ර­මි­ක­තා­වන් වාර්තා වූයේ විභාග නීති දැඩි ලෙස ක්‍රියා­ත්මක කළ නිසා බවත් හෙතෙම කීය. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභා­ගය පැවැ­ත්වී­මට පෙර කිසිදු ආකා­ර­ය­කින් පිට වී නැති බවත් විභා­ගය පැවැ­ත්වෙන අතර සිදු වූ අක්‍ර­මි­කතා කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් මේ වන විට නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya