ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

    මැයි 16, 2024

    මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

    එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හරිස් මහතාගේ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීමට අනුව එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ උපන් ගම වන කල්මුණේ ප්‍රදේශයේ මෙම අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා අදාළ ඉදිකිරීම් කඩිනමින්ආරම්භ කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    අභාවප්‍රාප්ත එම්.එච්.එම්.අෂ්රෆ් මහතා දක්ෂ නීතීඥයකු, විශිෂ්ට නීති සම්පාදකයකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකු ද වන අතර ඒ මහතා නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළේය.

    ආදර්ශමත් සහ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් ජනතා නියෝජිතයෙකු වූ ඔහු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කා අතරත් ගෞරවාදරයට පාත්‍ර විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya