මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රීසියේ බැංකු සහ කොටස් වෙළඳපොළ සතියක් වසයි

    ජූනි 30, 2015

    පසුගිය සෙනසුරාදා අගමැති ඇලෙක්සිස් සිප්රාස් විසින් ණය ගණුදෙණු අතරමඟ නවත්වා දැමීමෙන් පසුව ජාත්‍යන්තර ණයහිමියන් ඉදිරිපත් කර ඇති දැඩි කොන්දේසි පිළිගන්නේදැයි විමසමින් ජූලි 05 වෙනි ඉරිදා දිනයේ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රට පුරා බැංකු සහ කොටස් වෙළඳපොළ ඊළඟ සතිය තෙක් වසා දමා ඇත.

    ග්‍රීසිය එහි බැංකු වසා දැමීමෙන් හා බැංකුවලින් මුදල් ආපසු ලබා දීම නවතා දැමීමෙන් පසු යුරෝපයේ හා එක්සත් ජනපදයේ කොටස් වෙළඳපොලවල් පහළ වැටී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

     

    ග්‍රීක බලධාරීන්ගේ මෙම ක්‍රියාකාරකමත් සමඟ යුරෝපා මහ බැංකුව හදිසි අරමුදල් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත.

     

    ඉරිදා (28) යුරෝපීය මහ බැංකුව පවසා ඇත්තේ ග්‍රීක බැංකු රුකුල් දෙමින් මෑත සතිවල දී හදිසි ණය වැඩසටහන ව්‍යාප්ත නොකරන බවයි. එහෙත්, ඒ සමගම ඉදිරි දිනවලදී ග්‍රීක ආන්ඩුවට යම්කිසි අමතර නම්‍යශීලී බවක් ලබා දෙමින් මහ බැංකුවේ සම්පූර්ණ සහයෝගය කපා නොහැර කටයුතු කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

     

    ලන්ඩනයේ ෆුට්සි 100 දර්ශකය (FTSE 100 index) සියයට 1.97ක් වසා දමා ඇති අතර හා ජර්මනියේ ඩැක්ස් දර්ශකය ( Dax index) සියයට 3.5කට අධික ප්‍රමාණයකින් පහත වැටී ඇත. එක්සත් ජනපදයේ, ඩව් ජෝන්ස් (Dow Jones) සියයට‍ 1.95කින් පහළ ගොස් ඇත.

     

    Commerzbank සහ ඩොයිෂ් බැංකුව (Deutsche Bank) පිළිවෙලින් සියයට 4.8 කින් හා සියයට 5.8කින් පාඩු ලැබීමත් සමඟ බැංකු කොටස් සඳහා අධික පහරක් එල්ල වී ඇත.

     

    ලන්ඩන් කොටස් වෙළඳපොළ වසා දැමූ පසුව අදහස් දක්වමින්, චාන්සලර් ජෝර්ජ් ඔස්බෝන් පැවසුවේ 2012 දී ග්‍රීසියට වඩා බ්‍රිතාන්‍ය බැංකු විශ්මයජනක ලෙස අවම දත්ත නිරාවරණය කර තිබෙන බව සඳහන් කළේය.

     

    ඔස්බෝන් මහතා තවදුරටත් අනතුරු අඟවමින් පැවසුවේ ග්‍රීක අර්බුදය ‘බ්‍රිතාන්‍ය ආර්ථිකයට ලොකුම බාහිර ආර්ථික අවදානමක්‘ බවය.

     

    ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වීමෙන් යුරෝපීය ආර්ථිකයට හා අපට ඇතිවන බලපෑම් පිළිබඳව අවතක්සේරු කළ යුතු යැයි තමන් නොසිතන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මුදල් වෙළඳපොලවල, යුරෝ මුදල් වැටීම අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර ව්‍යවහාර මුදල්වලට එරෙහි තර්ජනයකි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya