ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට ජුනි 04 දා සිට උසස්පෙළ පන්ති ඇරඹේ

    මැයි 17, 2024

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ සඳහා සියලු කටයුතු සූදානම් අතර ඊට අදාළ චක්‍රලේඛය මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය සියලු‍ පළාත්වල අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    අදාළ චක්‍රලේඛය මේ වන විටත් නොලැබුණු විදුහල්පතිවරුන් වේ නම් ඒ පිළිබඳ පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසන ලෙසත් පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya