ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන

    මැයි 17, 2024

    '45 Under 45' ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ(16) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    කෙටි කාලයකදී නවෝත්පාදන ක්‍රම අනුගමනය කරමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් සහ තම දක්ෂතාවයෙන් ප්‍රධාන විධායක නිළධාරීන් වූ තරුණ ව්‍යවසායකයින් තවදුරටත් දිරිමත් කිරීම මෙලෙස සම්මාන ප්‍රදානය කිරීමේ අරමුණ විය.
    මෙහිදී තරණ විධායක නිලධාරීන් සහ ව්‍යවසායකයින් 56 දෙනෙකු වෙත සම්මාන ප්‍රදානය කරනු ලැබීය.
    සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් එහි නිර්මාතෘ දිවංගත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනැමුණු අතර එය පිළිගනු ලැබුවේ නීටා ආරියරත්න මහත්මිය විසිනි.
    මෙම අවස්ථාවට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වැඩසටහන සංවිධානය කළ ග්ලෝබල් සී.ඊ.ඕ. සංසදයේ සභාපති අනුර සිරිවර්ධන, යන අය ද එක් ව සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya