ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම සඳහා මුදල් වෙන් කෙරේ

    මැයි 17, 2024

    මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

    ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (16) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවී කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්වු අවස්ථාවේදීය.

    තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙදපළ මෙන්ම අපනයනය ඉළක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණු අතර වේ.

    මෙම වැඩ සටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් මෙම වසර සඳහා ලබා දී තිබේ. ඒ අනුව රුපියල් මිලියන 1600ක මුදලක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.

    මේ යටතේ එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග, වැවිලි බෝග, මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මෙම ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප රටේ ගොවිතැනින් තරුණ ප්‍රජාව ඈත් වෙමින් සිටින තත්ත්වයක් උද්ගතව ඇතැයි අවධාරණය කළේය.

    එමෙන්ම තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට නම් ඒ කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතු බවත් මේ සම්බන්ධව තමන් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවත් විශේෂයෙන් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ගැන ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කළ බවත් මේ සම්බන්ධව රජය යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවද කීය.

    ඒ නිසා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශයේ නිලධාරිහු මෙන්ම පළාත් කෘෂිකර්ම නිලධාරිහු සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සියලු නිලධාරිහු සහභාගි වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya