ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් පවුල් 3518ක් පීඩාවට

    මැයි 20, 2024

    අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 6ක පවුල් 3518කට අයත් පුද්ගලයින් ආපදාවට ලක්ව සිටිනඅතර අද දිනයේත් ප්‍රදේශ රැසකට මිලිමීටර සියය ඉක්මවු තද වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිස්ත්‍රික් 7කට නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක අ.ර ගංගා රැසක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඒ අවට පදිංචිකරුවන් විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ

    නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඊයේ දිනයේ වැඩිම වර්ෂාපත්නයක් ලැබී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයටයි. එය මිලි මීටර  215ක් ලෙස සටහන් වී තිබේ.

    අයහපත් කාලගුණයත් සමග පවුල් 3518කට අයත් පුද්ගලයින් දසදහස් දෙසිය අනුනවදෙනෙකු ආපදාවට ලක්ව ඇත. මේ අතර ගංගා රැසක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව  සඳහන් කරයි

    අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් අද දිනයේ වසා තැබීමට ද තීරණය කර තිබේ.

    ප්‍රදේශ රැසක ජල ගැලීම් ඇති වී තිබෙන අතර වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයටයි. ආනවිලුන්දාව,  රාජකදලුව ,  මාඑළිය, බත්තුලුඔය හා මුතුපන්තිය ගම්මානවල ජල ගැලිම් හට ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya