මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ක්‍රීඩා ශක්ති පුහුණු වැඩසටහනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ දීමනාව

    ජූනි 10, 2015
    කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ශක්ති පුහුණු වැඩසටහනට සංචිතගත කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පෝෂණ දීමනාව ලබා දීමේ වැඩසටහනක් ඊයේ (09) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
     
     
    මෙහිදී  ක්‍රීඩා ඉසව් 07ක් යටතේ සංචිතගත කරන ලද ක්‍රීඩක - ක්‍රීඩිකාවන් 225 දෙනෙකු සඳහා මෙම පෝෂණ දීමනාව ලබා දුන් අතර  ඒ සඳහා රුපියල් තුන් ලක්ෂ තිස් දහසක  ප්‍රතිපාදන වෙන් කර ඇත. 
     
    මෙහි දී අදහස් දැක්වමින් කෑගල්ල මහ දිසාපති එච්.එම්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ක්‍රීඩාව තුළින් යහපත් පුරවැසියන් රටට බිහිකර ගත හැකි බව හා ක්‍රීඩාවෙන් දස්කම් දක්වන දරු පිරිසක් කෑගලු දිසාවෙන් ද බිහිවනු ඇති බවත් ය. 
     
    මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී හේමන්ත බණ්ඩාර මහතා ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීහු රුසක් හා පෝෂණ දීමනාව හිමි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
     
    NDH/dmu-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya