මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය අද සිට

    ජූනි 10, 2015
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමුවරට සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය අද (10) සිට 13 දින දක්වා තුම්මුල්ල ගුවන් හමුදා ශාරීරික යෝග්‍යතා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    ශ්‍රී ගුවන් හමුදාවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මෙම විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල ලක්ෂ 4කි. මීට අමතරව පිරිමි හා කාන්තා ඒකල අංශයේ ජයග්‍රාහකයාට හා ජයග්‍රාහිකාවට ගුවන් හමුදාපති අභියෝගතා කුසලාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. 
     
    කාණ්ඩ 9ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලියට පිරිමි විවෘත ඒකල හා යුගල, කාන්තා විවෘත ඒකල හා යුගල, මිශ්‍ර යුගල, අවුරුදු 40න් ඉහළ පිරිමි හා කාන්තා ඒකල, එම වයස් කාණ්ඩයේ යුගල තරග ඉසව් ඇතුළත්ය.
     
    ඒකල තරග ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවීමට එක්වීමට නියමිත මෙම සමස්ත තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    අද පැවැත්වෙන සමාරම්භක උළෙල සහ ලබන 13දා පැවැත්වීමට නියමිත සමාප්ති උළෙල ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    බැඩ්මින්ටන් ක්‍රීඩාවේ හිටපු ජාතික ශූරයකු වන ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩා සංගමයේ සභාපති ගෘප් කපිතාන් ටී.ඒ.ඩී.ආර්.සේනානායක හා එම සංගමයේ ලේකම් වින්ග් කමාන්ඩර් අමල් ඩයස් මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මේ තරගාවලිය මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ ජාතික තරගාවලියකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya