මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවේ මර්ස් රෝගී මරණ සංඛ්‍යාව තවත් ඉහළට

    ජූනි 08, 2015

    දකුණු කොරියාවේ ශීඝ්‍රෙයන් පැතිර යන ‘මර්ස්‘ ශ්වසන රෝගයෙන් මේ වනවිට පුද්ගලයන් හය දෙනෙකු මරණයට පත්ව ඇතැයි බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

     

    ඉරිදා (07) වන විට පුද්ගලයන් 23 දෙනෙකුට අධික සංඛ්‍යාවකට මෙම රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර මෙම රෝගය වැළඳී ඇතැයි සැක කරමින් පුද්ගලයන් 87 දෙනෙකු රෝහලට රැගෙනවිත් ඇති බව එහි සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

     

    මෙය මැද පෙරදිග රටවලින් පිටත මර්ස් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි.

     

    2,300ක පිරිසක් මේව විටත් නිරෝධායනය කර ඇති අතර, දකුණු කොරියාවේ පාසල් 1,900කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇතැයි වාර්තා වේ.

     

    සඳුදා උදෑසන (08) සියෝල් නගරයට කිලෝ මීටර 140ක් (සැතපුම් 87) දකුණින් පිහිටි Daejeon හි, 80 හැවිරිදි මිනිසෙක් මර්ස් රෝගයෙන් මිය ගොස් ඇතැයි නවතම තොරතුරු ලෙසට වාර්තා වී තිබේ.

     

    සෙනසුරාදා (06) 75 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය වැළඳීමෙන් මිය ගියේය. ඔහු මෙම රෝගයට ගොදුරු වන විට සියෝල් රෝහලේ අනෙකුත් රෝගීන් සමඟ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya