මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊ. නායකයෙකුට හමුදාවට භාර වීමට යෝජනා කළේ නෑ - කණිමෝලි

    ජූනි 08, 2015

    ශ්‍රී ලංකාවේ පැවති  යුද්ධයේ අවසන් කාලයේ දී හිටපු එල්.ටී.ටී.ඊ.  සාමාජිකයින්ට ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා කිසිදු උපදෙසක් ලබානොදුන් බව ඊයේ (07) ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණිමෝලි මහත්මිය පවසා ඇත. කණිමෝලි මහත්මිය යනු ඩී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි මහතාගේ දියණිය යි.

     

    ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි සහ ඔහුගේ දියණිය කණිමෝලි ලබාදුන් උපදෙස් වලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වූ සිය ස්වාමිපුරුෂයා යුද්ධයේ අවසන් සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත බාර වූවා යැයි පැවසෙන ආනන්දි ශෂිදරන් මහත්මියගේ ප්‍රකාශය මුලුමනින්ම පදනම් විරහිත බව කණිමෝලි මහත්මිය ප්‍රකාශ කර ඇත.

     

    උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව ‘ද හින්දු‘ පුවත්පත විසින් විමසන ලදුව කණිමෝලි මහත්මිය පවසා ඇත්තේ ඉන්දීය රජය හෝ ශ්‍රී ලංකා වෙනුවෙන් පුද්ගලයෙකුට ආරක්ශක අංශයකට භාර වන්නට යැයි පැවසීමට තමන්ට අධිකාරි බලයක් නැති බවත් මෙම කතාව පිටුපස සිටින්නේ කවුරුන්දැයි තමන් නොදන්නා බව ය.

     

    මුලතිව් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමට පෙර මෙම පුවත්පතට සම්මුඛ පරීක්ෂණයක් දෙමින් ආනන්දි ශෂිදරන් මහත්මිය සඳහන් කර ඇත්තේ ඇගේ සැමියා ආරක්ෂක අංශවලට භාර වීමේ තීරණය ගැනීමට පෙර සැටලයිට් තාක්ෂණය යොදා ගනිමින් දුරකතනය ඔස්සේ කණිමෝලි මහත්මිය සමඟ සංවාදයක නිරත වී උපදෙස් ලබා ගත් බව යි.

     

    ශෂිදරන් මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු නොවන නිසා තමන් ඔහුව නොහඳුනන බවත් සැටලයිට් තාක්ෂණය යොදා ගනිමින් දුරකතනය ඔස්සේ තමා එවැන්නෙකුට උපදෙස් ලබා දුන්නා යැයි පැවසීම වැරදි බවත් යුද්ධය උච්ඡතම වකවානුවේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට යටත් වීමට පුද්ගලයකුට උපදෙස් ලබා දීම පුදුම සහගත බවත් කණිමෝලි මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya