ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශය සඳහා බඳවාගත් 38 වැනි ශ්‍රමික කණ්ඩායමේ 67 දෙනෙකුට විදේශ ගුවන් ගමන් බලපත්‍ර පිරිනැමේ

    මැයි 21, 2024
    ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ ඝෘතු පදනම  මත බඳවාගත් රැකියා සඳහා පිටත්ව යන 38 වැනි ශ්‍රමික කණ්ඩායමට අයත් පිරිස 67 දෙනෙකුට විදේශ ගුවන් ගමන් බලපත්‍ර ලබා දීම ඊයේ (20) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
     
    අදාළ පිරිසෙන් 05 දෙනෙකු මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර පැමිණ, යළි  අද දින ඊශ්‍රායලය බල නැවත   පිටත් වීමට නියමිත අතර අලුතින් පත්වීම් ලැබූ 62 දෙනෙකු මැයි 26 ඊශ්‍රායලය බලා පිටත් වීමට කටයුතු යොදා තිබේ. 
     
    මේ වන විට පසුගිය දෙසැම්බර් මාසයේ සිට ඝෘතු පදනම මත 2028 දෙනෙකු ශ්‍රමිකයින් අලුතින් සේවය සඳහා ඊශ්‍රායලය බලා ගොස් අවසන් අතර එරට සමග ඇති එකඟතාව අනුව ශ්‍රමිකයින් වඩා හොඳින් සේවය කිරීමේ අවශ්‍යතාව එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. මීළඟට සේවය සඳහා ඊශ්‍රායල් යාමට නියමිත ශ්‍රමිකයින් සඳහා එහි වන බලපෑමද හෙතෙම එහිදී පැහැදිලි කළේය. 
     
    ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන දේශප්‍රිය ලියනගේ යනාදීන් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya