නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර කොළඹට වෙනදාට වැඩි වෙසක් සිරි - වෙසක් කලාප 07ක් තොරණ්41 ක් සහ දන්සල් 450කට අධික සංඛ්‍යාවක්

    මැයි 21, 2024

    පසුගිය වර්ෂ වලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් තොරණ් සංඛ්‍යාවක් ඉදිවෙමින් පවතින බවද, අද උදෑසන වාර්තා වූ පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ තොරණ් 41ක්ද, එයින් තොරණ් 07ක් කොළඹ නගර සීමාව තුළ සහ ඉතිරි තොරණ් 34 නගර සීමාවෙන් පිටත ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල සංවිධානය වන බවද මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ දන්සල් 450කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා සදහන් කරයි.

    කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ දී පැවති මෙවර වෙසක් උත්සවය අර්ථාන්විතව සැමරීම හා වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ සූදානම පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි අග්‍රාමාත්‍යතුමා කොළඹ දිස්ත්‍රික්කයේ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් ලෙස ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සමන්විතව සංවිධානය කරන ලෙසට සියලුම රාජ්‍ය නිලදාරීන්ට උපදෙස් ලබාදුන් බවද සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ සහ රාජ්‍ය පරිපාලන ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ මෙම කටයුතු සංවිධානය වෙමින් පවතින බවද වැඩිදුරටත් පැවසුවේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya