අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට ස්ථාවර මිලක්

    අප්‍රේල් 03, 2014

    මෙවර අයවැය මඟින් යෝජනා කළ පදිරි අර්තාපල්, ලොකු ළූණු සහ වියළි මිරිස් සඳහා සහතික මිලක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ අර්තාපල් ගොවීන් සහ ලක් සතොස ආයතනය අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.


    අර්තාපල්, ලොකු ළූණු සහ වියළි මිරිස් රටේ සමස්ත පරිභෝජනයට අවශ්‍ය තරම් දේශීයව නිෂ්පාදනය නොවන හෙයින් ආනයනය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. නුවරඑළිය, බදුල්ල සහ යාපනය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අර්තාපල් වගාව සිදුවන අතර ගොවීන් 25,000ක් පමණ වගා කටයුවල නිරත වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දිගින් දිගටම සිදු වූ අස්ථාවර අර්තාපල් මිල ගණන් නිසා අර්තාපල් ගොවීන් රැකගැනීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මැදිහත්වීමෙන් මේ නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීය. නව වැඩපිළිවෙළ මඟින් උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීන්ට යහපත් වෙළෙඳපොළකට ඉඩ හසර ලැබී තිබේ.

    ඒ අනුව අර්තාපල් කිලෝ එකක් සඳහා රුපියල් 80ක ද බීජ අර්තාපල් සඳහා රුපියල් 160ක ද සහතික මිලක් රජය විසින් නියම කෙරිණ. එසේම ලොකු ළූණු කිලෝ එකක් සඳහා රුපියල් 60ක් ද වියළි මිරිස් කිලෝ එකක් සඳහා රුපියල් 350ක සහතික මිලක් ද ගොවීන්ට හිමි වේ.

    මේ අවස්ථාව සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සමුපකාර හා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.ඩී. අමරවර්ධන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි, බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, ලක් සතොස සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya