ජූලි 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කිතුලක වරුණ”ජාතික අලෙවි ප්‍රදර්ශනයට රත්නපුරෙන් අලෙවි කුටි දහයක්

    අප්‍රේල් 03, 2014

    මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය තුළ කිතුල් නිෂ්පාදන සංවර්ධන ජාතික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර, විශේෂයෙන් කොලොන්න සහ රත්නපුර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ම කිතුල් කාර්මිකයන් උනන්දුවෙන් ක්‍රියාකාරීව සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පවසයි.

     

    ඒ අනුව මේ මස 4,5,6 යන දිනවල කොළඹදී පැවැත්වෙන “කිතුලක වරුණ” ජාතික අලෙවි ප්‍රදර්ශනයට කිතුල් නිෂ්පාදන අලෙවිකරුවන් 10 දෙනෙකුගේ අලෙවි කුටි ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

    කිතුල් පිටි, පැණි, හකුරු, ලී බඩු, ගෘහ භාණ්ඩ සහ අත්කම් නිර්මාණ ඇතුළු නිෂ්පාදන අංශවලින් අලෙවිකරුවෝ ඊට ඉදිරිපත්ව සිටිති.

    ECB/ SW/NR/KM_dmu (Rathnapura)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya