අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවිපොළ මේ මස 7 සහ 8 රත්නපුරේදී

    අප්‍රේල් 02, 2014
    රත්නපුර දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකයන්ගේ ආර්ථිකය නංවාලීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17  තුළ කාන්තාවන් 100 දෙනෙකු ඇතුළුව කාන්තා බල මණ්ඩල සාමාජිකාවන්ගේද නිෂ්පාදන ඉදිරිපත් කෙරෙන  “කාන්තා නිෂ්පාදන අලෙවිපොළ හා ප්‍රදර්ශනය මේ මස 07සහ 08 දිනයන්හි රත්නපුර පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකීර්ණයේදී (පුළුගුපිටිය හංදිය අසල) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
     
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ  මෙම නිෂ්පාදන අලෙවිපොළ හා ප්‍රදර්ශනය පැවැත්වේ.
     
    මෙහිදි පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීම හා ඒවාට වෙළෙඳපොළක් ලබාදීම, කාබනික පොහොර භාවිතයෙන් වගා කරන එළවළු සහ මල් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව සැලසීමද මෙමඟින් අපේක්ෂිත ප්‍රමුඛ අරමුණුයි.
     
    කාන්තා බෑග්, පාවහන්, ඇඳුම්, මල්, අත්කම් නිර්මාණ ඇතුළු නිෂ්පාදන රැසක් මෙම අලෙවිපොළට ඉදිරිපත් කෙරේ. මෙම වැඩසටහන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ මූල්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
     
     ECB/SW/NR/KM _ dmu (Rathnapura)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya