සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැකිතාක් වේලාසන ගොස් ඡන්දය සලකුණු කිරීමට කටයුතු කරන්න - අම්පාර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    සැප්තැම්බර් 21, 2024

    තමන්ගේ ඡන්ද පොළට ගොස් හැකි ඉක්මණින් සිය ඡන්දය සලකුණු කිරීමට කටයුතු කරන ලෙස අම්පාර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චින්තක අබේවික්‍රම මහතා අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සවස 4.00 වන විට ඡන්ද විමසීම් කටයුතු අවසන් වන බැවින් අවසාන වෙලාවේ දී ඡන්දය ලබා දීමට පැමිණීමෙන් දිගු පෝලිම් ඇති වී තදබදයක් ඇති වීමට හැකි බැවින් මෙම ඉල්ලීම කරන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කරයි.

    එමෙන්ම, අබාධිත ඡන්ද දායකයින්ට විශේෂ වැඩපිළිවෙළක් ද සකස් කර ඇති අතර විශේෂයෙන් දෘශ්‍යබාධිත පුද්ගලයින් සඳහා ඔවුන්ගේ ඡන්දය භාවිතා කිරීමට සහාය සඳහා සහයකයෙකු රැගෙන යා හැකි බව ද පැවසු ඒ මහතා ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයා විසින් සහතික කළ පෝරමය හා වෛද්‍යවරයා සහතික කළ වෛද්‍ය සහතිකය ද රැගෙන යාම අනිවාර්ය වන බව ද පැවසිය.

    ශාරීරික අපහසුතා ඇති පුද්ගලයින් වෙනුවෙන් බාධාවකින් තොරව ඔවුන්ට ඡන්දය සලකුණු කිරීම සඳහා සියලු ඡන්ද මධ්‍යස්ථාන අසල ත්‍රිරෝද රථයක් ද ස්ථාපිත කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අම්පාර දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් 555,432 දෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර, මධ්‍යස්ථාන 528 ක දි ඡන්දය ප්‍රකාශ කිරිමට පහසුකම් සලසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya