සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 ජනාධිපතිවරණය සඳහා මඩකලපුව ජනතාව උද්යෝගයෙන්

    සැප්තැම්බර් 21, 2024

    2024 ජනාධිපතිවරණය සඳහා මඩකලපුව ජනතාව සිය ඡන්දය සලකුණු කිරීමට උදෑසන සිට ඉතා උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකක නිලධාරීන් සඳහන් කරයි. 

    පෙරවරු 7.00 ට ඡන්දය සලකුණු කිරීම ආරම්භ කෙරුණු අතර මේ වන විට ඉතාම සාමකාමී වාතාවරණයක් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම දක්නට ලැබේ.

    නැගෙනහිර පළාතේ  මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 449, 686 කි.

    තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 13,116 ක් වේ.

    ඡන්ද කොට්ඨාස 428 ක් ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 442ක දී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 37ක් ස්ථාපිත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya