සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම රාත්‍රිය වන විට කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ලබාදීමට හැකිවෙතැයි විශ්වාස කරනවා - කලුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    සැප්තැම්බර් 21, 2024

    අද මධ්‍යම රාත්‍රිය වන විට කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ලබාදීමට හැකිවෙතැයි විශ්වාස කරන බව කලුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ජනක කේ ගුණවර්ධන මහතා පවසයි.
    කලුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මේ බව පැවසුවේ අද (21) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමිනි.

    කලුතර දිස්ත්‍රික්කයේ මැතිවරණය අද උදෑසන 07 වන විට ඉතාමත් සාමකාමී අයුරින් ආරම්භ වූ බවද, සමස්ත දිස්ත්‍රික්කය පුරාම පිහිටි මධ්‍යස්ථාන 735ම මේ වන විට ඉතාමත් කාර්යබහුල ලෙස ජනතාව මැතිවරණයේදී සිය ඡන්දය සලකුණු කිරීම සිදුකරන බවද කලුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවේය.
    අද පෙරවරු 10 වන විට 30% - 35%ක් අතර ප්‍රතිශතයක් කලුතර දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ අනූව ජනාධිපතිවරණයේදී මහජනතාව ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
    සමස්ත දිස්ත්‍රික්කය පුරාම මැතිවරණ කාර්යය මණ්ඩලය ඉතාම කාර්යක්ෂම ලෙස සිය කටයුතු කරගෙන යන බවද, ආරක්ෂාව සම්බන්ධවද කිසිදු ගැටලු සහගත තත්ත්වයක් නොමැති බවට දැනුම්දී ඇතැයිද පැවසුවේය.
    ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉතාම සාමකාමී තත්ත්වයක් පවතින බවද, ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්දය සලකුණු කිරීමට කටයුතු කරන බවද පැවසූ කලුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ජනක කේ ගුණවර්ධන මහතා පස්වරු 04.30 පමණ වන විට තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹීමට කටයුතු කරන බවද පැවසුවේය.
    පස්වරු 05.30 පමණ වන විට කලුතර ඡන්ද ප්‍රදේශයෙන් අරඹා ඡන්ද ගණන් කිරීම කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද, පස්වරු 04.30 සිට ගණන් කිරීමේ කාර්යය මණ්ඩල ඒ සඳහා සම්බන්ධ වන බවද, ඒ සඳහා 4000ක පමණ කණ්ඩායමක් සහභාගී වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya