සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය අද සිට

    මාර්තු 03, 2018
    17වන වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය (Pro Food, Pro Pack & Ag - Biz - 2018) අද (03) සිට ලබන 05දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වේ.
     
    මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියා සහ චීනය නියෝජනය කරන විශාල ප්‍රමාණයේ ව්‍යාපාරික ආයතනයන් 80ක් පමණ සහභාගිවීමට නියමිතය. මෙවර ප්‍රදර්ශනයේ දී දේශීය මෙන් ම විදේශීය ආහාර නිෂ්පාදනකරුවන් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 350කට වැඩි සංඛ්‍යාවක් වෙන් කර තිබේ.
     
    ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විසස් පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya