සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශ්චාත් මැතිවරණ කාල සිමාවේ දී විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    සැප්තැම්බර් 21, 2024

    පශ්චාත් මැතිවරණ කාල සිමාවේ දී විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා අද (21) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

    මෙම කාලය තුළ කණ්ඩායම් වශයෙන් රැස් නොවන ලෙසත්, ඒ සඳහා අවසර ලබා නොදෙන බවත් හෙතෙම පැවසිය. එමෙන්ම, මේ පිළිබඳව දින කිහිපයක සිට මහජනතාවට මෙලෙස දැනුම් දී තිබෙන බවත්, පොදු ස්ථානවල කණ්ඩායම් වශයෙන් රැස්ව ප්‍රතිඵල නැරඹීම සිදු නොකරන්න ලෙසත්, ඒ සඳහා ද කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන බවත්, පොලිසිය පැමිණ ඔවුන් විසුරවා හැරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

    මාර්ග බාධාක ක්‍රියාත්මක කරන අතර කැරලි මර්ධන රාජකාරි නිලධාරීන් ද යොදවා ඇති අතර ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තුරු ආරක්ෂාව සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    පස්චාත් මැතිවරණ කාල සිමාව තුළ කිසිඳු පුද්ගලයෙකුට වාහන මඟින් හෝ පා ගමනින් පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම සතියක් ඇතුළත තහනම් වන අතර පවත්නා නීති රීතිවලට අනුගතව ජය පරාජය තුළ වගකිව යුතු පුරවැසියෙකු වශයෙන් කටයුතු කරන ලෙසද  ඒ මහතා මහජනතාවට අවධාරනය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya