සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර පානීය ජල ගැටළුවට විසදුම්- දිනකට ජල ලීටර් 28,8000ක් බෙදයි

    මාර්තු 03, 2018

    කළුතර දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටළුව විසඳීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජලයට ලවණ මිශ්‍රවීම නිසා වාද්දුවේ සිට අලුත්ගම දක්වා වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල අවුල් 65000කට පානීය ජල අවශ්‍යතාවය මතුව ඇත.

    මේ යටතේ හඳුනාගත් ස්ථාන 273ක ජල ටැංකි ස්ථාපිත කර ඇති අතර දිනකට ජල ලීටර් 28,8000ක් බෙදා හැරේ. මේ සඳහා බවුසර් 13ක් යොදවා ඇත. අවශ්‍ය වුවහොත් තවත් ජල බවුසර් යෙදවීමට ආපදා කළමනාකරණ ඒකකය සූදානමින් සිටියි.

    මීට අමතරව පෞද්ගලිකව ජල ටැංකි තබා ඇති කළුතර,අළුත්ගම වැනි නගරවල කඩසාප්පු හා ව්‍යාපාරික ස්ථාන සඳහා ද පානීය ජලය සපයන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කාර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.

    වියළි කාලගුණික තත්ත්වය නිසා ප්‍රජා ජල ව්‍යාපෘති මඟින් පානීය ජලය බෙදා හරින ජල උල්පත් හා ළිං සිදී යාමේ තත්ත්වයක් ද දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල පවතී.

    ඉදිරියේ දී මෙම ප්‍රදේශවල ජනතාවට ද පානීය ජල අවශ්‍යතා මතුවුවහොත් එම අවශ්‍යතා සපුරාලීමට ද දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සැලසුම් කර ඇත.
    DMU/Kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya