සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ ප‍්‍රධාන අභියෝගය ජල කළමනාකරණයයි - ඇමති චම්පික රණවක

    මාර්තු 02, 2018
    රටේ අධිවේගී මාර්ග තැනීමට වඩා වර්තමානයේ ප‍්‍රධාන ම අභියෝගය වන්නේ ජලකළමනාකරණය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවකයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ‘සංස්ථා අභිමානී’ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
     
    රටේ එක් පැත්තක ගංවතුර ඇතිවන විට තවත් පැත්ත නියඟය ඇතිවන බවද, එම නිසා මෙම ගංවතුර පාලනය කර වැඩිවන වතුර නියඟය පවතින ප‍්‍රදේශ කරා රැගෙන යාමේ යෝධ ජල ව්‍යාපෘතියක් රටට අවශ්‍ය බව ද අමාත්‍යවරයා පවසයි.  
     
    ඕලන්ද යුගයේ මෙන් ජලය භාවිත කර ප‍්‍රවාහන පද්ධතියක් ඇතිකර ගැනීම අවශ්‍ය බවත්, කැළණි ගඟෙ ජලය භාවිත කර ඵලදායී ප‍්‍රවාහන පද්ධතියක් ඒ ආශ‍්‍රයෙන් නිර්මාණය කර ගත හැකි වන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා කැලණි ගඟෙ වැඩිවන ගංවතුර පාලනය කිරීමෙන් ගංඟාව ආශ්‍රිත නගර නිර්මාණය කර ගනිමින්, වැඩි වතුර වියළි කලාප වෙත රැගෙන යාමට කටයුතු කිරීම තුළින් එම ප‍්‍රදේශවල ගොවිජනතාව දුකින් මුදවා ගැනීම හැකියාව ඇති බවද අමාත්‍ය චම්පික රණවක පවසයි.
     
    මහා පරිමාණ ව්‍යාපෘතීන්, විශේෂයෙන්ම ගංවතුර පාලනය කිරීමේ උපාය මාර්ග සඳහා ගොඩනැගිය යුතු ආයතනය ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව බවත් ඒ සඳහා මූලික පිඹුරුපත් මේ වන විට සකස් කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya