සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල කසළ කළමනාකරණ ඒකකයට ජපන් රජයෙන් පරිත්‍යාගයක්

    සැප්තැම්බර් 09, 2017

    ජපන් තානාපති කාර්යාලයේ Grant Assistance for Grassroots human Security project (GGP) ව්‍යාපෘතියක් වශයෙන් ගාල්ල මහනගර සභාවේ කසල කළමණාකරණ ඒකකය වෙත කම්පැක්ටර් රථ 04ක් සහ ඩම්ප් ට්‍රක් රථයක් නිල වශයෙන් ගාල්ල නාගරික කොමසාරිස් වෙත ලබා දීම (08) ගාල්ල මහනගර සභා පරිශ්‍රයේ දී සිදු විය.


    මෙම ව්‍යපෘතිය සඳහා රුපියල් මිලියන 15 ක මුදලක් ජපන් රජය විසින් යොදවා ඇත. ගාල්ල නාගරික කොමසාරිස් වාසනා පී ගුණරත්න මහත්මිය වෙත මෙම රථවල යතුරු භාර දීම ජපන් තානාපති කාර්යාලයේ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ කොජී යාගි මහත්මා විසින් සිදුවිය.

    මේ අවසථාව සඳහා සුගුරු ඉසී, ඉචිරෝ අඔකි, මසෆුමි යමඩ යන මහත්වරුන්ද එක්ව සිටි අතර, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාද එක්ව සිටියේ ය. 2013 වසරේද මෙවැනි ම කම්පැක්ටර් රථ 05ක් ගාල්ල මහ නගර සභාව වෙත ජපාන රජය විසින් පරිත්‍යාග කොට ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya