සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක්

    සැප්තැම්බර් 09, 2017

    අන්තජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇති අතර එහි ප්‍රථම වැඩසටහන මේ මස 11 වන දින පෙ.ව 9 ට ගාල්ල හොල් ඩී ගොල් ශාලාවේ දී පැවැත් වේ.


    මෙම වැඩසටහන සඳහා, ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ළමා ආරක්ෂක නිලධාරීන් සහ සියළු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහභාගි වීමට නියමිතය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනි මරිනිද ලිවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සයිබර් ආරක්ෂණය සඳහා ජාතික මධ්‍යස්ථානය (CERT) සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය මේ
    සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ඇත.


    සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුවන අපයෝජන, අසභ්‍ය වෙබ් අඩිවි පිළිබඳව දැනුවත් කිරිම සහ එහි නීතිමය පාර්ශවයන් පිළිබඳව මෙහි දී දැනුවත් කෙරේ. මෙම දැනුවත් කිරමේ වැඩසටහන් වලින් පසුව ප්‍රාදේශීය මට්ටමින් ද දැනුවත් කිරමේ වැඩසටහන් පැවැත්වීමට පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya