සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

    සැප්තැම්බර් 05, 2017
    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී ( විශේෂයෙන් අද සහ හෙට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකිය.
     
    සමහර ප්‍ර දේශවල විශේෂයෙන් සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, කොළඹ, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ට වැඩි වැසි ඇති විය හැකිය.
     
    ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර දේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිය. දකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    දෘෂ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු 17 සිට සැප්තැම්බර් 06දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින අතර අද (05) දහවල් 12.09ට දකුණු පයාගල, මතුගම, ලත්පඳුර, දෙල්වල, තිමිරිගහමංකඩ, කුඩා ඔය, කිරිබද්දනහෙළ සහ කුමන යන ප්‍ර දේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya