සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ සියලු රෝහල් සංවර්ධනයට පියවර

    සැප්තැම්බර් 05, 2017
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු රෝහල් සංවර්ධනය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමු ව ඇත. එම රෝහල් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.
     
    නුවරඑළිය නව මහ රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බැවින් අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දැනුම් දෙන ලදි. සියලුම උපකරණ ස්වයංක්‍රීය උපකරණ මිල දී ගැනීමට නියමිතය. කොන්ත්‍රාත් සමාගම විසින් මෙම රෝහලට අවශ්‍ය උපකරණ ලබාදීමට නියම්තය. මෙම රෝහල විවෘත කිරීමට සැළසුම් කර තිබුනේ 2015 වසරේ දීය. ගොඩනැගිලිවල ගැටලු පවතින බව නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පැවැසූ අතර, එම ගැටලු කොන්ත්‍රාත් සමාගම මගින් නිම කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. 
     
    වෛද්‍යවරුන් සඳහා ඉදි කළ නව නේවාසිකාගාර කඩිනමින් වෛද්‍යවරුන්ට ලබාදීමට ද තීරණය විය. නුවරළිය මහ රෝහලේ වෛද්‍ය හිඟය මගහැරවීම සඳහා වෛද්‍යවරුන් 66 දෙනෙකු සහ හෙද හෙදියන් 100 ක් මෙම වර්ෂයේ දී අනුයුක්ත කිරීමට නියමිතය. නුවරඑළිය නව මහ රෝහල ඉදිකරනු ලබන්නේ නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේය.
     
    ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකළ දික්ඔය මුලික රෝහලේ සේවය සඳහා වෛද්‍යවරුන් 26 ක් සහ හෙද හෙදියන් 40 ක් ලබාදීමට ද මෙහිදී තීරණය විය. රිකිල්ලගස්කඩ දිසා රෝහල, මස්කෙළිය, කොටගල, ලිදුල, බොගවන්තලාව, ඩයගම, කොත්මලේ සහ මල්දෙනිය යන රෝහල් සංවර්ධනය කිරීමට අවශ්‍ය යෝජනාවලිය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දෙන ලදි.
     
    ශ්‍රී පාද වන්දනා සමයේ දී ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු වලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මස්කෙළිය රෝහල සහ නල්ලතන්නිය බෙහෙත් ශාලාව සංවර්ධනය කිරීමට නියමිත අතර, මානව සම්පත සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය විය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු රෝහල් සංවර්ධනය කිරීමට ද පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල අනුයුක්තව ස්වේඡාවෙන් සේවය කළ කම්කරුවන් 66 දෙනෙකු සුදුසුකම් පරීක්ෂා කර බලා සෞඛ්‍ය කණිෂ්ඨ සහායක සේවයට බඳවා ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදනෙ ලදි.
     
    මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අතිරේක ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු නිලධාරින් සහභාගීව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya