සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දරුවන් සුරකිමු" ජාතික වැඩසටහනේ සමාරම්භය 08දා

    සැප්තැම්බර් 05, 2017
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන "දරුවන් සුරකිමු" ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 08 වැනි දින පෙ.ව. 9.00 ට මහනුවර දිගන ක්‍රීඩාංගන සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ජාතික වැඩසටහනේ පරමාර්ථය වන්නේ දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි.  ගෘහස්ථ ළමා හිංසනය, ලිංගික අපයෝජනය, අපරාධ සදහා ළමුන් යොදා ගැනීම සහ ළමා ශ්‍රමය සූරා කෑම ඇතුළු වත්මන් ළමා පරපුරට මුහුණ දීමට සිදුව ඇති උපද්‍රව වලින් ඔවුන් මුදවාගෙන සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි. 
     
    මෙහිදී ළමා පරපුර සුරැකීමේ අරමුණින් ළමා ශ්‍රමය සූරා කෑමට එරෙහි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් කටයුතු යොදා ඇති අතර, දිනන දරුවෝ නමින් දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ යටතේ  සෞඛ්‍ය අධ්‍යාපනය, මනෝ උපදේශනය, සහ නීති උපදේශනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ  දරුවන් බලගැන්වීමට නියමිතය. වසර දෙකක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, දිවයින පුරා පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 
     
    මෙම ජාතික වැඩසටහනට අමතරව ජනාධීපති ලේකම් කාර්යාලය මගින් ජාතික වකුගඩු නිවාරණ වැඩසටහන, ආහාර සුරක්ෂිතතා වැඩසටහන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, සහ තිරසර සංවර්ධන වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් රැසක් මේ වන විටත් දියත් කරමින් තිබේ. දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට අමතරව ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන සහ වකුගඩු නිවාරණ ජාතික වැඩසටහන යන වැඩසටහන්වල සමාරම්භක අවස්ථා මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීම මධ්‍යම පළාතේ ජනතාව ලැබූ ජයග්‍රහනයක් බව පළාත් ප්‍රධාන අමාත්‍ය සහ දරුවන් සුරකිමු සමාරම්භක උත්සව කමිටුවේ සභාපති සරත් ඒකනායක මහතා පවසයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya