සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම ශක්ති වැඩසටහන ගාල්ල දැනුවත් කරයි

    සැප්තැම්බර් 03, 2017

    ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ  ගාල්ල දිස්ත්‍රික් පළමු වරට නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ  උපදෙස් පරිදි පසුගියදා පැවිත්විණි.

     ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයෙන් හෙබි ග්‍රාම නිලධාරී වසම් 38ක් තොරා ගෙන ඇති අතර ,  ජනාධිපති ලේකම්කාර්යලය විසින් මෙම ජාතික වැඩසටහන මෙහෙය වීමට නියමිතය.  2030 වන විට දිළිඳුකම පිටු දැකීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම වැඩසටහන යටතේ මුලිකම අරමුණ වන්නේ සමාජ සජීවීකරණය (Social Mobilization) ඉලක්ක ගත කරලීමයි.  මේ සඳහා ප්‍රජාව සජීවිකරණයට ලක් කලයුතු අතර ,එමගින් ග්‍රාමිය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මෙහි මුලිකම අරමුණයි.

    ප්‍රජා කණ්ඩායම් ගොඩ නැංවිම, ප්‍රජා අවශ්‍යතා හඳුනා ගැනීම, භෞතික සම්පත් හා හැකියාවන් මේ යටතේ නිවැරදිව හඳුනා ගැනීමට අවකාශය සැලසෙන අතර වඩාත් ප්‍රගතිශීලි ව්‍යාපෘතියක් බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පුෂ්පා මලලසේකර මහත්මිය සඳහන් කර සිටියාය.

    ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයයේ ඉලක්කය වනුයේ ප්‍රජා පාලන ග්‍රාම සංවර්ධන වැඩසටහන් දැනට පිහිටුවා ඇති ගම්මාන 2040 ක නිත්‍යානුකූල ලියාපදිංචිය යාවත්කාලින කිරිම සහ ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරලීම, ප්‍රදේශයේ විභවතාව අනූව ක්ෂුද්‍ර ආර්ථික වසම් 300ක් තෝරා නිෂ්පාදන සේවා අගය වැඩිකල නිෂ්පාදනයන් තුළින් වෙළඳපොල පූළුල් කිරීම, නව තාක්ෂණ හා නවෝත්පාදනය පිළිබඳව අවධානය සහිතව ග්‍රාමීය කෘෂීකර්මාන්තය හා ව්‍යවසායකත්වය පුළුල් කිරීම, යනාදියයි.

    මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ,සහකාර සැලසුම් අධ්‍යක්ෂකවරුන්, සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මලලසේකර මහත්මිය විසින් මෙහෙය වන ලදී.

    මේ අවස්ථාව සඳහා දකුණු පළාත් නියෝජ්‍ය ලේකම් අයි. වී. එන්. ප්‍රීතිකා කුමුදුනි මෙනවිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya