සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දහම් පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 03, 2017

    ආගමික සහජීවනය පිළිබඳව දහම් පාසල් ගුරුභවතුන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් කුරුණෑගල දී පසුගිය දා  කුරුණෑගල නගර ශාලාවේදී පැවති බව කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මෙම දිස්ත්‍රික්කයේ දහම් පාසල් ගුරුවරුන් 1000ක් පමණ සහභාගි වූ අතර  ජාතික ඒකබද්ධතා හා ප්‍රතිසන්ධාන සංකල්පය ශ්‍රී ලංකාවේ දහම් පාසල් පද්ධතිය තුළ ආයතන ගතකිරීමේ අරමුණික් මෙම වැඩසටහන් පැවැත්විණි.

    ජාතික ඒකබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව  මෙම වැඩසටහන් සංවිධානය කර තිබුණි.

    මෙම අවස්ථාවට  වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක තිස්සව රජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ත හිමියන් ප්‍රධාන සර්ව ආගමික නායකයින් ,වයඹ පළාත් ආණ්ඩුකාරවර අමරා පියසීලී රත්නායක ,  වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්ම මහත්මීන් ද ,  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්  ද  බෞද්ධ , හින්දු , මුස්ලිම් සහ කතෝලික යන ආගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya