සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ආපාදා අවස්ථාවලින් ආරක්ෂාවීමට සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක් ඇරඹේ

    සැප්තැම්බර් 02, 2017

    ස්වභාවික ආපාදා අවස්ථාවලින් ආරක්ෂාවීමට සුරක්ෂිත මධ්‍යස්ථාන තුනකට මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) පැවැත්විණි.

    එම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා ජනතාව අමතමින් මෙසේ සඳහන් කළේ ය...

    අපිට ස්වභාවික විපත් නවත්තන්න හැකියාවක් නැහැ. නමුත් ස්වභාවික විපතක් සිදුවන අවස්ථාවක දී මිනිස් ජීවිත බේරාගන්නත්, හානිය අවම කරගන්නත් අපිට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි රජයක් ලෙස ජනතාව ගැන සිතා කටයුතු කිරීම අවශ්‍ය වනවා.   රටේ ඉතා විශාල ප්‍රදේශයක් නියඟයකින් පීඩා විඳිනවා. ලක්ෂ ගණනක් ජනතාව මේ නිසා විපතට පත්වෙලා. මාස කිහිපයකට පෙර දිස්ත්‍රික්ක කිහිපයකට ගංවතුර ගැලුවා. ඒ වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් එක් පැත්තකට ගංවතුර, අනිත් පැත්තට නියඟය. මෙය අසීරු තත්ත්වයක්.


    රුපියල් ලක්ෂ 160ක මුදලින් එම ගොඩනැගිලි තුන නාගොඩ ශාසනාලංකාරාම විහාරස්ථානයේත්, හිනිදුම ශාසනෝධාරාම විහාරස්ථානයේත්, හිනිදුම කල්වරි දේවස්ථානයේත් ඉදිකිරීමට මුල්ගල් තැබිණි. එම මුල්ගල් තැබීමේ උත්සව අවසානයේ දී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

    සොබා දහම අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බැහැ කියන එක තමයි පොදු මතය. එය සත්‍යයක්. වැස්ස අපිට පාලනය කරන්න බැහැ. නියඟය අපිට පාලනය කරන්න බැහැ. නමුත් වැස්සෙන් වැටෙන වතුරටික අපිට පාලනය කරන්න පුළුවන්. අපි දන්නවා මේ වතුර ගංඟා දිගේ පහළට ගලා යනවා. නමුත් මේ තව කාලයකට වතුර නැතිව දුක් විදිනවා. අපි මොනවා ද කරන්න ඕන. මේ වතුර පාලනය කරන්න ඕන. මේ ජල කඳ එක විට පහළට එන නිසා තමයි මේ ප්‍රදේශවල වහළවල් දක්වා යටවෙන්නේ. නමුත් අපිට මේ ප්‍රදේශයට ඉහළින් බැම්මක් බැඳලා ජලය හරස්කරන්න පුළුවන්නම් අපිට මේ ගංවතුර පාලනය කරන්න පුළුවන්. අද රන්දෙණිගල, රන්ටැඹේ, පොල්ගොල්ල වගේ ප්‍රදේශවලට ගංවතුර නැත්තේ ඒ ප්‍රදේශවල මහවැලි ගඟ හරස් කරලා වේලි බැඳලා මහ ජලාශ ඉදිකරපු නිසා.

     

    අපේ ගාල්ල දිස්ත්‍රික්කයටත් මේ යෝජනාව තිබුණා. අද ඊයේ නෙවෙයි1967 දී පමණ ශ්‍රී ලංකාව සිලෝන් කියා හඳුන්වන කාලේ තමයි කිව්වේ වාරුකන්දෙණියේ මහ වේල්ලක් හදන්න කියා. නමුත් දේශපාලනයේ වරදත් අපේ මිනිසුන් සත්‍ය තේරුම් නොගැනීමත් නිසා මේ වේල්ල හැදුණේ නැහැ. අදටත් ගංවතුරක් ආවම ගෙවල්දොරවල් අත ඇරලා යනවා. රජයෙන් වන්දි ඉල්ලනවා. ඉතින් මේ ගංවතුර අද ඊයේ සිදුවූ දෙයක් නොවෙයි. අතීතයේ පටන් තිබුණු දෙයක්. මේ ප්‍රශ්නයට අපි විසඳුමක් දිය යුතුයි. අපි එය ඉදිරි ජනවාරි මාසයේ පටන් ගන්නවා. මේකට තවත් යෝජනාවක් තිබුණා. වාරුකන්දෙණියේ සිට උමගක් මගින් වතුර මාතර නිල්වලා ගඟ හරහා හම්බන්තොටට ගෙනියන්න. මේ යෝජනාවට මා එකහෙළාම විරුද්ධ වුනා. ඒක ප්‍රායෝගික නැහැ. අපි ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. අර විදියේ උමං හදන්නේ නැහැ.


    ඉන් පසු වහිනකොට ගෙවල් අතඇරලා දුවන්න ඔබට සිදුවෙන්නේ නැහැ. නමුත් අපි ජනතා රජයක් ලෙස මේ අවස්ථාවේ විපතට පත්වූ ජනතාව අමතක කරන්නේත් නැහැ. ඔවුන්ට සියලු අවශ්‍යතා ඉටු කර දෙනවා. කැඩුණු නිවාස සඳහා දැනටමත් වන්දි දුන්නා. ඉදිරියේ පවුල් 9337ට මුළුතැන්ගෙයි උපකරණ දෙනවා. තේ වගාව හානි වූ අයට රුපියල් කෝටි 17ක වන්දි පිරිනැමීමක් කරනවා.” යැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේය.


    පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya