සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ශක්තිමත් කළ යුතුය

    අගෝස්තු 31, 2017

    තිරසර සංවර්ධන අභිමතාර්ථ හා ඉලක්ක මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ ඇතිව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තිරසර සංවර්ධන ක්‍රියාවලීන් රාශියක් මේ වන විට දියත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.


    දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාමෙසේ පැවසුයේ කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් සංවිධානය කරන ලද ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට අදාළ වැඩමුළුවකදීය. මෙම වැඩමුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.


    තවදුරටත් කතා කළ දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විශේෂයෙන් 2020 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය තුළින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂිත වන අතර පැහැදිලි ඉලක්කයන් කරා ව්‍යවසායකයන් යොමුකළ යුතු වෙනවා.

    මෙහිදී ආර්ථික සංවර්ධනයට දායක වන තරඟකාරී ජව සම්පන්න නව්‍ය තාක්ෂණ ගාමක පරිසර හිතකාමී හා තිරසර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් බිහි කිරීම අපේක්ෂා කරනවා. මෙම කාර්යයේ දී ව්‍යවසායකයින් පසුපස සිට ඔවුන්ට සහය ලබා දිය යුතු වෙනවා. ඒ පිළිබඳ පළමුව ව්‍යවසාය ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහන පැවැත්වෙන මූලික අරමුණ බව ද පැවසීය.


    ජනතාවගේ සුබසිද්ධිය ලඟා කර දීම රාජ්‍යශ සේවයේ වගකීමකි. මෙරට පාලනය කළ සියළු රජයන් විසින් නිවැරදි වේලාවට රාජ්‍ය සේවක වැටුප් ලබා දුන්නා. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් වන අප විසින් ඔහුන්ගේ සුබසිද්ධිය ලබා දීමට සියළු පියවරයන් ගත යුතු බව පෙන්වා දුන්නේය.


    මෙම වැඩසටහනේ ආරාධිත දේශනය නරග සැලසුම් හා ජලප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශක මොහොමඩ් නෆීර් මහතා විසින් පවත්වනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya