සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ "පුරවැසි අත්වැල සහ ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන" ආරම්භ කිරීමට පියවර

    අගෝස්තු 30, 2017

    ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ආරම්භ කරන ලද පුරවැසි අත්වැල සහ ග්‍රාම ශක්ති  ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධක්ෂ අනෝමා විජේරත්න  මහත්මිය ප්‍රකාශ කළාය.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ කැඳවීමෙන් පැවති  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඇය මේ බව ප්‍රකාශ කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 තුළම  මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරන බව සඳහන් කළ අනෝමා විජේරත්න මහත්මිය සැම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින්ම ග්‍රාම නිලධාරී වසම් 02 ක් තෝරා ගැනීම සිදු වන බව ද පැවසීය.

     

    දිළිඳුකමේ දරිද්‍රතා නිර්ණායකය පදනම් කරගෙන එම තෝරාගැනීම සිදු කරන බවත්  මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය ජනතාවගේ විවිධ ප්‍රශ්න ගැටලු සහ සුබසාධන සේවාවන් රැසකට විසඳුම් ලැබෙන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

     

    දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම සම සභාපතීවරුන් වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

     

    මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන  අමාත්‍ය කබීර් හෂිම් මහතා ඇතුව ප්‍රාදේශිය ලේකම්වරුන්, ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් , මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya