සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 24 ක ජනතාවට පානීය ජලය සැපයේ

    අගෝස්තු 30, 2017

    වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල හිගයට මුහුණ පා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 24 කට ආයත් ග්‍රාම නිලධාරි වසම් 492 ක පවුල් 70454 කට මේ වන විට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය හරහා පානීය ජලය බෙදා දෙන බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතා ප්‍රකාශ කරයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30 න් ඉබ්බාගමුව , ගනේවත්ත, රිදීගම , මාවතගම , කුරුණෑගල හා බමුණාකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 හැර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26 කට මෙසේ ජලය බෙදා හැරේ.

    එසේම නියං තත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි වසම් 1610 ට අයත් පවුල් 204760 ක් සදහා නියං සහනාධාර වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කර ඇත. මෙහිදී පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු සිටින පවුලක් සදහා සති දෙකකට රුපියල් 2000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ද පවුලක සාමාජිකයින් 03 හෝ ඊට වැඩි සාමාජිකයින් සිටින පවුලක් සදහා සති දෙකකට රුපියල් 2500 ක වියළි ආහාර ද්‍රව්‍ය සමූපකාර අලෙවිසැල් හරහා සැපයීමට කටයුතු යොදා ඇත.

    DMU/Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya