සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - පරවාහැර සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මානයක් කෙරේ

    අගෝස්තු 30, 2017
    "එක් ගමක් එක් ප්‍රධාන නිෂ්පාදනයක්" යන තේමාව යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන 2017  සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පරවාහැර දකුණ ගම්මානය තෝරාගෙන තිබේ. ගම්මානය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන හතක් වැය කෙරේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මේ සඳහා අරමුදල් සැපයේ.
     
    මෙම ගම්මානයේ ප්‍රධාන කර්මාන්තය කම්මල් කර්මාන්තය වන අතර ඊට අමතරව රත්‍රං කර්මාන්තය, මැටි ගඩොල් කර්මාන්තය හා වාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කෙරේ.
     
    ප්‍රතිලාභීන්ගේ නිෂ්පාදන ප්‍රමාණාත්මකව වැඩි කිරීම මගින් ආදායම් ඉහළ නැංවීම, අලෙවි අවස්ථා වර්ධනය කිරීම, නිෂ්පාදන ප්‍රමිතිය ඉහළ නැංවීම හා ගම්මානය කේන්ද්‍රකරගත් සියලු අංශ සංවර්ධනය කිරීම මෙහි අරමුණු අතර වේ.
     
    එක් කම්මලක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් 100000 ක මුදලක් වැය කරන අතර ගම්මානයේ කම්මල් 45 ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් 4500000 ක් වැය කෙරේ. අවිධිමත් ආකාරයට නිෂ්පාන කටයුතු සිදු කරන ස්ථිර ගොඩනැගිලි රහිත කම්මල් සඳහා ස්ථිර ගොඩනැගිලි ඉදිකර කර්මාන්තය විධිමත් ආකාරයට සංවර්ධනය කිරීම මෙමගින් සිදු කිරීමට නියමිත ය. ගම්මානයේ ව්‍යාපෘති 210 ක් ක්‍රියාත්මක කිරීමට නියමි‍ෙය. 
     
    ගම්මානයේ අඩු ආදායම් ලාභී පවුල් 8ක් සඳහා නිවාස ඉදි කරන අතර ගම්මානයට පිවිසෙන මාර්ග අලුත්වැඩියා කිරීම හා කොංක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම ද සිදු කිරීමට යෝජිත ය.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදේශකත්වය යටතේ මාතර දිස්ත්‍රික් සමෘද්ධි අංශය හා මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සමෘද්ධි අංශය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya