සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුව සේවාව ගමට

    අගෝස්තු 29, 2017
    සබරගමුව පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරන සුව සේවා ජන සහන වැඩ සටහනේ 08වැනි වැඩසටහන කෑගල්ල අලපලාව  මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.
     
    පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සුව සේවා ජන සහන වැඩ සටහන මගින් බටහිර සහ දේශීය වෛද්‍ය සේවාවන් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.
     
    දන්ත සායන, ළමා සහ ගර්භනී සායන, බෝවන රෝග පිළිබඳ සායන මෙන්ම ඊ සී ජී, ලේ, මළ මුත්‍ර පරීක්ෂණ, මෙන්ම ආයුර්වේද වෛද්‍ය සායන ද පැවැත්විණි.
     
    එම සායන සහ පරීක්ෂණ සඳහා බටහිර සහ ආයුර්වේද  වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දායකත්වය ලබා දී තිබුණි.
     
    එමෙන්ම ගර්භණී මාතාවන් සඳහා දරු ප්‍රසූතියේ දී භාවිතා කරන උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ද මෙහි දී සිදුවිය.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ද එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya