සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු 31සිට ගිගුරුම් සහිත වැසි

    අගෝස්තු 29, 2017
    අගෝස්තු 31සිට සැප්තැම්බර් 02දා දක්වා උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    එමෙන් ම බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද ඇති වේ.
     
    ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු ව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
     
    දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝ මීටර් 40 - 50 පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.
     
    ගිගුරුම් සහිත වැසි ඇතිවන වි එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන  අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya