සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැප්: 01 සහ 02 කෝට්ටේ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

    අගෝස්තු 29, 2017
    මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් දළඳා පෙරහර සැප්තැම්බර් 01දා සහ 02දා පස්වරු 7.30සිට වීථි සංචාරය කරන බැවින් එම ප්‍ර දේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවත් එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    ඒ අනුව කෝට්ටේ පාර, පිටකෝට්ටේ හන්දිය, පාගොඩ පාර සහ වතුර ටැංකිය අසල, නාග විහාරය අසල, රජමහා විහාර පාර බෝධියට දකුණු පසින් ඇති මාර්ගවල එම දින දෙක තුළ දී වාහන ගමනාගමනය සීමා කෙරේ.
     
    එබැවින් එම දිනවල දී විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ඉන් මහජනතාවට හා රියදුරන්ට සිදුවන අපහසුතාවය මගහරවාගැනීමට කටයුතු කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya