සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මඩින්න මහනුවරට අන්තර්පාර්ශ්වීය වැඩසටහනක්

    අගෝස්තු 28, 2017
    මහනුවර දිස්ත්‍රික්කයේ උද්ගතව ඇති ඩෙංගු වසංගත තත්ත්වය මැඩලීම සඳහා කඩිනම් අන්තර්පාර්ශවීය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව  මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මහනුවර ඩෙංගු මර්ධන කමිටුවේ සභාපති  සරත් ඒකනායක මහතා පවසයි. 
     
    මේ අනුව නව පාසල් වාරය ආරම්භ වීමත් සමගම සෑම සිකුරාදා දිනයකම පෙ.ව. 11 ත් 12 ත් අතර කාලය ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා යොදා ගැනීමට තිරණය කර ඇති අතර, එය පාසල් කාල සටහනට ද ඇතුලත් කරන බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය. රජයේ සහ අනිකුත් සෑම කාර්යාලයක්ම සෑම සතියක ම සිකුරාදා දිනයේ පෙ.ව. 8.30 සිට 9.30 දක්වා  ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා කාලය වෙන් කළ යුතුය.
     
    ඩෙංගු රෝගය මැඩලීම සඳහා අඛණ්ඩ ක්‍රියාකාරකම් දියත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ප්‍රකාශ කළ ප්‍රධාන අමාත්‍යවරයා මෙම අන්තර්පාර්ශවීය වැඩසටහන ප්‍රධාන අංශ පහක් ඔස්සේ ක්‍රියාත්මක කරන බවද පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (28) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති ඩෙංගු මර්ධන අන්තර්පාර්ශ්වීය වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
     
    මීට පෙර වසරවලදී මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු රෝගය පාලනය කරගනිමින් ඩෙංගු ව්‍යාප්තිය අනුව එකොලෙස්වැනි ස්ථානයේ පසුවුවත් එය තෙවැනි ස්ථානය දක්වා පැමිණීම ගැන වැඩි අවධානයකින් පසුවිය යුතු බව පැවසූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යෝජිත අන්තර්පාර්ශවීය වැඩසටහන වැඩසටහන තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට  හැකියාව ලැබෙනු ඇතැයිද පැවසීය. යෝජිත අන්තර්පාර්ශවීය වැඩසහන අනුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ සහ සියළුම පුද්ගලික ආයතන ඉලක්ක කරගනිමින් එක් වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර, පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන දෙවැනි අංශය යටතට අයත්ය. නිවාස සහ අවට පරිශ්‍ර තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන තෙවැනි අංශය යටතේ ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික්කයේ විවිධ නව ඉදිකිරීම් සිදු කෙරෙන ස්ථාන සිව්වැනි පාර්ශවය ලෙස හදුනා ගෙන තිබේ. මේ සියළු පාර්ශව සමග ජනමාධ්‍යයටද වගකීම් පවරා ඔවුන්ද පස්වැනි පාර්ශවය ලෙස ඩෙංගු මර්ධන වැඩසටහනට දායක කර ගෙන ඇත.
     
    ඩෙංගු රෝගය සම්බන්ධයෙන් පවතින සංඛ්‍යා ලේඛන අනුව දැනට මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු වසංගත තත්වයෙන් පවතින දිස්ත්‍රික්ක අතරින් තෙවැනි තැනට පත් ව සිටියි. ඩෙංගු වසංගත තත්වය සම්බන්ධයෙන් විමසා බලන විට කොළඹ දිස්ත්‍රික්කය ප්‍රථම ස්ථානයේ පසුවන අතර, දෙවැනි ස්ථානයේ පසුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. 2017 අගෝස්තු 18 වැනි දින නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව ඩෙංගු රෝගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නව දෙනෙකු මියගොස් ඇති අතර, රෝගීන් දහදහසක් එකසියයකට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. රෝගීන් වැඩිවීමේ ප්‍රතිශතයක් ලෙස සලකා බැලීමේදී එය සියයට 245 ක ප්‍රතිශතයකි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 23 අතරින් දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර මහනගර සීමාව තුළය. 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya