සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 51,000 ක්

    අගෝස්තු 28, 2017
    කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 51,000 ක් වැය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම රැස්වීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.
     
    කළුතර මහ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ මුලික, දිසා සහ පර්යන්ත රෝහල්වල සංවර්ධනය සඳහා මෙම මුදල් වැය කර ඇත. කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය, මාතෘ හා ළමා රෝහල, වෛද්‍ය වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ඇතුළු නව රෝහල් සැළැස්මක් යටතේ සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි. කළුතර මහ රෝහල සඳහා MRI Scanner යන්ත්‍රයක් සහ CT Scanner යන්ත්‍රයක් ද ලබාදීමට ද නියමිතය. එම යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාකරන යන්ත්‍රවීම ද විශේෂත්වයකි.
     
    දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා ගිලන් රථ 10 ක් සහ කැබ් රථ 08 ක් ද ලබාදීමට තීරණය කළ අතර, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සඳහා බස් රථ 03 ක් ලබාදීමට නියමිතය. දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින මානව සමිපත් ගැටලුව කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya