සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර හා නායයෑම් නිසා ආපදාවට ලක් වු ජනතාවට ඉඩම් ලබාදීම ඇරඹේ

    අගෝස්තු 28, 2017

    පසුගියදා ඇති වු ගංවතුර හා නායයෑම් නිසා ආපදාවට ලක් වූ ජනතාවට ඉඩම් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇත.

    ඒ අනුව කළුතර , දොඩන්ගොඩ, මතුගම, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, මඳුරාවල,පාලින්දනුවර හා වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 1687 ක් සදහා මෙසේ ඉඩම් ලබාදීම සිදුවේ.

    රජයට , වතු සමාගම්වලට  හා ඉඩම් ප්‍ර‍තිසංස්කරණ සභාවට අයත් මහජන පදිංචියට සුදුසු ඉඩම් හෙක්ටර්යාර් 145 ක් මේ සදහා හදුනාගෙන ඇත. ඉදිරි අවශ්‍යතා අනුව පෞද්ගලික අංශයෙන් ද ඉඩම් පවරා ගැනීම සිදුවනු ඇත.

    ඉදිරියේදි ඇතිවන අයහපත් කාළගුණික තත්වයන් තුල ආපදාවට ලක්විය හැකි ප්‍රදේශයන්ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මූලිකත්වයෙන් මේ දිනවල හදුනා ගනිමින් සිටි.

    මෙසේ හදුනා ගන්නා ප්‍රදේශවල ජනතාවද එම ප්‍රදේශවලින් ඉවත්කර ආරක්ෂිත ප්‍රදේශවල පදිංචි කරලීමට සැලසුම් කර ඇත.

    DMU/kalutra

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya