සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් දකුණේ ජීවිත අහිමිවූවන්ට වන්දි

    අගෝස්තු 27, 2017
    පසුගිය දා දකුණු පළාතේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට මුදල් ආධාර ලබා දීමේ විශේෂ වැඩසටහනක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    සාමාජිකයින් අහිමි වූ මාතර දිස්ත්‍රික්කයේ පවුල් 43 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 05 ක් හා ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 04 ක් වශයෙන් දකුණු පළාතේ පවුල් 52 ට රුපියල් 1300,000 ක මුදලක් පිරිනැමිණි.
     
    මේ අවස්ථාවට දකුණු පළාත් සභාවේ සුභසාධන අමාත්‍ය වීරසුමන වීරසිංහ, හිටපු මාතර පුරපති රංජිත් යසරත්න, මාතර ප්‍රාදේශිය ලේකම් දර්ශන වික්‍රමාරච්චි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya