සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය ස්ථාන 100කට මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක

    අගෝස්තු 27, 2017
    මහජන බැංකුව මගින් ස්වයං බැංකුකරණ ඒකකයන් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.
     
    අති නවීනතම තාක්ෂණයෙන් යුත් මෙම ස්වයං බැංකුකරණ ඒකකය, මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් CDM සහ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයකින් ATM සමන්විතය. වසරේ දින 365ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24ම මෙම පහසුකම් ලබාගත හැකිය.
     
    දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප‍්‍රවාහන අමාත්‍යංශය හා එක්ව මෙම වැඩපිළිවෙළ දියත් කොට ඇත. දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර,  පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙළට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya