සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ ගොවිපළ සංවර්ධන වැඩසටහන් සදහා මිලියන 1.8ක්

    අගෝස්තු 27, 2017
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සත්ව නිෂ්පාදන  හා සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මගින් ගාල්ල දිස්ත්‍රික්කයට වෙන් කළ රුපියල් මිලියන 1.8 ක මුදල මගින් කුඩා පරිමාණ කුකුළු ගොවිපල සංවර්ධන වැඩසටහන්, එළු ගොවිපල වැඩසටහන් සහ කිරි ගොවිපල සංවර්ධන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වේ.
     
    ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂි කමිටුවේ දී මේ බව අනාවරණය විය.
     
    එමෙන් ම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුව මගින් ක්‍රියාත්මක ධීවර යාත්‍රා 497ක් සඳහා ටැබ් උපකරණ බෙදා දීමේ වැඩසටහන යටතේ ඉහළ ප්‍රගතියක් අත් පත් කරගෙන ඇති අතර ඒ සඳහා මිලියන 39 ක මුදලක් 2017 වර්ෂය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්ව ඇත. 
     
    එමෙන් ම මසුන් මගින් පාද සම්භානය කිරිමේ ව්‍යපෘතිය යටතේ නව ව්‍යවසායකයින් දෙදෙනෙකුගේ වැඩසටහන් සඳහා රුපියල් 88096 මුල්‍ය ප්‍රතිපාදන සපයා ඇත. එමෙන් ම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ රුපියල් 172600ක ප්‍රතිපාදන මත ව්‍යවසායකයින් 04 දෙනෙකු සඳහා කකුළු වගා මධ්‍යස්ථාන ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya