සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් ඇරඹෙයි

    අගෝස්තු 27, 2017
    පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීමේ මූලික අදියර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 
     
    මූලික අදියර යටතේ තන්තිරිමලේ රජ මහා විහාරස්ථානය ආසන්නයේ ප්‍රධාන ව්‍යාපෘති කාර්යාලය ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම මූලික අදියර යටතේ ක්‍රියාත්මක අනෙක් ව්‍යාපෘතිය වන්නේ මල්වතුඔය සිට යෝධ වැව දක්වා දිවෙන පෝෂිත ඇල මාර්ගය ඉදි කිරීමයි. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 27 කි. 
     
    මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම් ලබන වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිත අතර ව්‍යාපෘතියේ සමස්ත වියදම රුපියල් මිලියන 13000 කි.  මෙරට ඉදිවන තුන්වන විශාලම ජලාශය වන්නේද මල්වතුඔය ජලාශයයි. තන්තිරිමලේ ප්‍රදේශයෙන් මල්වතුඔය හරස් කොට වැව් බැම්ම ඉදි කෙරෙන අතර එහි දිග ප්‍රමාණය කිලෝමීටර් 13 කි. යල මහ දෙකන්නයටම ජලය නොඅඩුව ලබා දෙමින් කුඹුරු අක්කර 40000 ක් පෝෂණය කිරීමත්, පානීය ජලය ලබා දීමත්, ජල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් මෙහි මූලික අරමුණු අතර වෙයි. 
     
    අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුලු ප්‍රදේශ ගණනාවක ජනතාවට මෙමගින් සෙත සැලසේ. එම් ප්‍රදේශවල නිරන්තරයෙන් ඇතිවන ගංවතුර උවදුරට මෙන්ම වන අලි උවදුරටද මල්වතුඔය ව්‍යාපෘතියෙන් විසදුම් යෝජනා වී තිබේ. ව්‍යාපෘතියට සමගාමීව තන්තිරිමලේ දියුණු නගරයක් ඉදි කෙටෙන අතර එම කලාපය සංචාරක කලාපයක් ලෙස වැඩි දියුණු කිරීමටද සැලසුම් කර තිබේ. ඒ අනුව ළමා උද්‍යාන, සෆාරි උද්‍යාන ඇතුලු සියලු නිමවුම් මෙම ව්‍යාපෘතියට ඇතුලත්ය. තන්තිරිමලේ විහාරස්ථානය ආශ්‍රිතව ඉදිකෙරෙන කටුගෙය තවත් විශේෂ ඉදිකිරීමකි. 
     
    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කිරීමද මූලික අදියරේ කටයුත්තක් ලෙස සැලසුම් කර තිබේ. එම ජනතාවගේ සියලු ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දීමෙන් අනතුරුව ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙසයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ. එම ජනතාවට විසදුම් ලබා දීම සම්බන්දයෙන් ජනතාව සමගම සාකච්ඡා කර මේ වන විටත් තීරණවලට පැමිණීමට ද සමත් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya