සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තොටට - ජපානයෙන් මහා පරිමාණ හෝටල් සංකීර්ණයක්

    අගෝස්තු 27, 2017
    ගාල්ල දිස්ත‍්‍රික්කයේ අහුංගල්ල හා බෙන්තොට අතර ප‍්‍රදේශය මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ජපානයේ බන්සේ (Bansei Group)  ආයතනය ඉදිරිපත් ව ඇත.
     
    ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන සංචාරකයන්ට අවශ්‍ය පරිදි ජපන් සංස්කෘතියට අදාළව ආහාරපාන ලබා ගැනීමේ ඉඩකඩ මෙම හෝටල් ව්‍යාපෘතියෙන් සිදු වන අතර ජපානයේ සුප‍්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන කුමා මහතාගේ නිර්මාණයක් මත මෙම හෝටල් සංකීර්ණය ඉදි කිරීමට යෝජිත වේ.
     
    ජපානයේ ඔලිම්පික් ගෘහස්ථ ක‍්‍රීඩාංගණයද සුප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී කුමා මහතාගේ නිර්මාණයකි. මෙම වසර අග දී ඉදිකිරීමට යෝජිත මෙම ජපන් හෝටල් ව්‍යාපෘතිය වසර දෙකක් තුළ නිම කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. 
     
    ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයේ දී ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා හමු වූ ජපානයේ ටෝකියෝ නුවර බැන්සෙයි සමූහ ව්‍යාපාරයේ සභාපති ටෝයෝහිකෝ මුරාකමි(Toyohiko Murakami) මහතා මෙම කරුණු අනාවරණය කළේය.
     
    මෙම සුවිශේෂ අවස්ථාවට සහභාගී වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පවසා සිටියේ ජපන් සංචාරක පිරිස් ජපානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙය අවස්ථාවක් වන බවයි. 
     
    ජපානයේ සුප‍්‍රකට සුපවේදී ඉෂිකුමා මහතාගේ පූර්ණ දායකත්වය ද මෙම හෝටල් ව්‍යාපෘතිය සඳහා ලැබෙන බව මෙහිදී හෙළිදරව් විය. මෙම අවස්ථාවට ජපානයේ බැන්සෙයි හෝල්ඩින්ග්ස් එල්. කේ. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අසාකා ඉෂියමා මහතා සහ බැන්සෙයි සිකියුරිටීස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ හිරෝයුකී ඔටා යන මහත්වරුද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya