සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර යල කන්නයේ පොහොර සහනාධාරයට රු.මි. 125ක්

    අගෝස්තු 27, 2017
    මෙවර යල් කන්නයේ වී වගාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ගොවී ජනතාව වෙනුවෙන් රජය මගින් රුපියල් මිලියන එකසිය විසි පහකට වැඩි මුදලක් ලබා දී ඇති බවත් ගොවීන් 24165 ක් වෙනුවෙන් හෙක්ටයාර් 9825ක් සඳහා මෙම මුදල  ලබාදී ඇති බවත්  මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි. 
     
    දිසාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
     
    මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා මෙවර යල කන්නයේ බලාපොරොත්තු නොවූ පරිදි හටගත් දැඩි නියං සහිත කාලගුණික තත්වය නිසා වී අස්වැන්න යම් තරමක පහත බැසීමක් සිදුවූ බවත්, ඒ හේතුව නිසා බලාපොරොත්තු වූ ඉලක්ක කරා ළඟ විටම නොහැකි වූ බවත්  පෙන්වා දෙන ලදී. 
     
    ඇතැම් අවස්ථාවලදී වාරි ජලය නිකුත් කිරීමේදී පෙර  කන්න රැස්විම්වලදී ගත් තීන්දු තීරණවලට එහා ගොස් ජලය ලබා දීමට කටයුතු කළ බවද පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ඒ සඳහා වාරිමාර්ග අංශවලින් විශෘල කාර්යභාරයක් ඉටු කළ බවද පැවසීය. 
     
    කෙසේ නමුත් දැඩි නියං තත්ත්වය හමුවේ වුවද මහා වාරි මාර්ගවලින් 97% ක් ද සුළු වාරි මාරිගවලින් 55% ක් සහ වර්ෂා පෝෂිත  ප්‍රදේශවලින් 36 % ක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව නියෝජනය කරන රජයේ නිලධාරීන් රැසක් සහ ගොවි සංවිධාන නියෝජනය කරන ගොවීන් පිරිසක් ද සහභාගී වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya