එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දැදුරුඔය, කලාඔය හා මීඔය යන ප්‍රධාන ගංගාවල ජලය රට ගොවි බිම් වෙත යොමු කිරීමට මේ දක්වා සමත්ව නොමැති බවයි. මෙම ගංගාවල ජලය සියල්ල නිකරුණේ මුහුදට ගලා යමින් පවතින බවද ඒ දෙස බලා සිටිමින් ගොවිජනතාවට සුසුම් හෙලීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. අහසින් වැටෙන කිසිදු ජල බිදුවක් මුහුදට යාමට ඉඩ නොදී ඒවා කෘෂිකර්මාන්තය සදහාම යොදවන්නැයි මහ පැරකුම්බා රජුගේ කියමන යථාර්තයක් කිරීමට දැන්වත් පියවර ගත යුතු බවද අමාත්‍යවරයා පවසයි.
මෙම තත්ත්වයන් සලකා බලමින් වැව් ගැඹුරු කිරීමේ ව්‍යාපාරයක් ආරම්බ කල බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙන්ම ගොවි සංවිධාන හා පුද්ගලික අංශයද ඊට සම්බන්ද කරගනිමින් කඩිනම් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. එමෙන්ම ගංගා හරස්කර එම ජලය වගා බිම් වෙත ලබා දීමේ විෂේශ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් කියා සිටියේ ය.
වාරිමාර්ග නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිත පිරිසක් මෙම නිරීක්ෂණයට එක් වූහ.