සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවැනි පරිසර නියමු ජාතික කඳවුර නුවරඑළිය, ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී සාර්ථකව ඇරඹේ

    අගෝස්තු 26, 2017

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය  පරිසර නියමුවන් 250ක් සමඟ පරිසර නියමු ක්‍රියාකාරීන් විශාල පිරිසක්ගේ සහභිගීත්වයෙන් නුවරඑළිය, පතන ප්‍රදේශයේ පිහිටි ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේදීය සාර්තකව ආරම්භ විනි.

    මෙම මස 23, 24, 25 හා 26 යන දින 4ක් පුරා කඳවුරු බඳින මෙවර කඳවුරේ සමාරම්භක උළෙල අගෝස්තු මස 24 දින පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගීතත්වයෙන් පැවැත්විනි.

                “පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” තේමාව යටතේ අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කිරීමේ උදාර පරමාර්ථයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පුළුල් පරිසර ජාලය, පරිසර නියමු වැඩසටහනයි. 1984 දී කොළඹ මාළිගාවත්ත නව නගරය කේන්ද්‍ර කරගනිමින් සිසුන් 25 දෙනෙකුගේ කුඩා කණ්ඩායමකින් ඇරඹි මෙම වැඩසටහන අද වන විට දිවයින පුරා බොහෝ පාසල්වල ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත්ව ඇත.

    වත්මන් පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපතිතුමන් විසින් "නීල - හරිත යුගයක්" අනාගත ශ්‍රී ලංකාවේ බිහිකිරීම සඳහා ගෙනයන පුළුල් වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරලීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාකාරකම් ගණනාවකි. ඒ අතර, 2020 වන විට ශ්‍රි ලංකාවේ සෑම පාසලකම පරිසර නියමු වැඩසටහන හඳන්වාදීමේ විශේෂ වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මක කරමින් පවති. “පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” තේමාව යටතේ ජාතික පරිසර නියමු වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය පාරිසරික උරුමය සුරැකීමට පියනගන පරිසර නියමුවකු පරිසර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙමින් පදක්කම් 05ක් ලබාගැනීම දක්වා ක්‍රියාවලියක ගමන් කළ යුතුය. එහිදී විශේෂ දක්ෂතා දැක්වූ පාසල් 50ක පරිසර නියමුවන් 250ක් පමණ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධ ප්‍රදේශවලින් මේ සඳහා සහභාගී වුහ.

    1998 වර්ෂයේදී රන්දෙණිගල වනජිවී පුහුණු මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලද පරිසර නියමු කඳවුරු වැඩසටහන මෙවර පැවැත්වනුයේ 13 වන වරටය. පරිසර නියමුවන් පාසලේදී පරිසරය පිළිබඳව ලබන න්‍යායික දැනුම දින 04ක් පුරා ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව ලැබෙන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

    මෙවර පරිසර කඳවුර තුළ විද්වත් දේශන, පරිසර හිතකාමී අත්කම් නිර්මාණ, පාරිසරික සංස්කෘතිකාංග, පරිසර විවාද වැනි ක්‍රියාකාරකම් සමඟ  ඉහළ කොත්මලේ ජලාශ  ව්‍යාපෘතිය, ඩෙවෝන්, සෙන්ට් ක්ලෙයාර් දියඇලි,  දිඹුල පතන තේ කර්මාන්ත ශාලාව, ක්‍රෙග්ලි වතුයාය, මවුන්ට් වර්නන් වතුයාය වැනි ක්ෂේත්‍ර පරිසර ගවේෂණ ගණනාවකටද සහභාගී වීමේ අවස්ථාව උදාවනු ඇත.

    නීල හරිත යුගයක් ගොඩනැගීම උදෙසා පරිසර වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති මෙවන් කාල වකවානුවක අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින්, සුන්දර රටක් දැයට දායාද කිරීම උදෙසා මෙවැනි වැඩසටහන් මඟින් විශාල පිටුවහලක් ලැබෙන බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය.

    DMU/NuwaraEliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya