සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ජාතීන්ට සම අයිතිය ලබාදිය යුතුයි - සෞඛ්‍ය ඇමැති

    අගෝස්තු 08, 2017
    ජාතිවාදීන්ට බිය නොවී සියලු ජාතීන්ට සම අයිතිය ලබාදිය යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මන්නාරම සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණය විවෘත කිරිම වෙනුවෙන්  ඊයේ (07) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. 
     
    මෙම රෝහල මුලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ භෞතික සම්පත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පොරොන්දු විය. 
     
    "යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් පැය 24 ක් තුල පළවා හැරියා. එම නිසා එම ජනතාව පීඩාවට පත් වුණා. මුස්ලිම් ජනතාව වසර 30 ක් ජීවත් වූයේ පුත්තලම ප්‍රදේශයේ අනාථ කඳවුරුවලයි. යුද්ධය අවසන් වූ පසු ඔවුන් නැවත තම නිජ භුමියේ පදිංචි වුණා. එම ජනතාවට රජය පහසුකම් සැපයිය යුතුයි. ඉඩම් අයිිතිය ආරක්ෂා කර දිය යුතුයි. එම ඉඩම් අයිතිය ආරක්ෂා කර දීමට ඉදිරිපත් වු රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා දෝෂාරෝපනයට ලක් වුණා. ඔහුට එරෙහිව සිංහල ජාතිවාදින් පෙරමුණ ගත්තා. මිනිසුන් පදිංචි කිරිමට යන විට විරුද්ධත්වය පළ කළා. මම රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් කථා කළා. මම හිටපු ඉඩම් ඇමැති. එම නිසා ඉඩම් නීතිය මම හොඳට දන්නවා". 
     
    රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා රූපවාහිනී විවාදයක දී ජනතාවගේ ඉඩම් අයිිතිය පිළිබඳ සියලු තොරතුරු හෙළි කළා. මම ඒ අනුව විශ්වාසය පළ කළා එහි සත්‍යතාවයක් තිබෙනවා කියලා. කැළෑ ප්‍රදේශ හැමදාම එකම විදිහට තිබුණේ නැහැ. රටේ අවශ්‍යතා අනුව වෙනස්වීම් සිදු කරනවා. ඇතැම් ප්‍රදේශ ජනතාව ද පදිංචි කිරීමට යොදා ගන්නවා. රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙක් වීම නිසයි මෙම ගැටුම ඇති වුනේ. එතුමත් පුත්තලමේ අනාථ කඳවුරක ජීවත් වූ පුද්ගලයෙක්. ජාතිවාදීන් මොනවා ප්‍රකාශ කළත් සියලු ජනතාවට සම අයිතිය ලබාදිය යුතුයි. එම සටන ඉදිරියටම ගෙන යනවා" යැයි ද පැවසීය.  
     
    මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු මහජන නියෝජිතයින් රැසක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා ඇතුලු නිලධාරින් රැසක් ද එක්ව සිටියහ. 
     
    s1
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya